BREAKING NEWS
Search

දෙන්නා අතර හැම වෙලාවේම විරසක.. ඇයට තවම 19යි.. ඔහුට 20යි.. දරා ගන්නම බැරි තැන ලසිඳු සහ නිල්ෂානී ගත්ත තද තීරණය

721
ආදරය අහිමි වුණොත් මොනවා නම් වේවිද..? කාටවත් හරිහැටි කියන්න බැරි ඒ හැඟීම නිසා මිනිස්සු ජීවිතයේ අසරණ වෙන තැන් එමටයි..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්..

තමන් සමඟ පෙමින් බැඳී සිටි පෙම්වතා සිත් රිදවීමකින් ගෙල වැලලාගෙන මිය යෑමේ කම්පනයෙන් සිටි තරුණියක් ද සියදිවි නසා ගැනීමේ පුවතක් මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා..

මෙලෙස දිවි නසාගෙන ඇත්තේ මදුරන්කුලිය මුක්කුතොඩුවාව පදිංචි නිල්ෂානී සුමෝධීකා නැමැති 19 හැවිරිදි තරුණියකි…

මෙසේ දිවි නසා ගත් තරුණිය සමඟ පෙමින් බැඳී ඇති තරුණයා උඩප්පුව සින්නපාඩුව පදිංචිව සිටි 20 හැවිරිදි ලසිදු ලිවේරා නැමැති තරුණයකු බව කියයි…

මේ තරුණිය සමඟ පෙමින් බැඳී සිටි ලසිදු සිදුවු යම් සිත් රිදවීමකින් පසු ඔහුගේ නිවසේදී පසුගිය 27 වැනි දින ගෙල වැලලාගෙන දිවි නසාගෙන තිබූ බව උඩප්පුව පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළි වී තිබුණා…

මේ තරුණයාගේ මරණයෙන් කම්පනයට පත්ව සිටි 19 හැවිරිදි නිල්ෂානී දින කීපයකට පසු එනම් 30 වැනි දින තම පෙම්වතා ගෙල වැලලාගෙන දිවි නසා ගත් ආකාරයටම දිවි නසාගෙන ඇති බව ඥාතීහු පවසනවා..

මොවුන් දෙදෙනා කලක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබු බවත් එම ප්‍රේම සම්බන්ධතාව අතරතුරදී දෙදෙනා අතර ඇතිවූ විරසකවීම් හේතුවෙන් ප්‍රේමය අවස්ථා කීපයකදී බිඳ වැටී තිබූ බවත් නැවතත් දෙදෙනා මිතුරු වෙමින් සිට ඇති බවත් නැවතත් ඇති වු විරසක වීමකින් ඇතිවූ කලකිරීමකින් ලසිදු ජීවිතයේ ඉරණම භාර දී තිබුණේ මව්පියන් ඇතුළු ඥාතින් සේම මිතුරන්ද මේ මරණයෙන් දැඩි කම්පනයට පත් කරමින්..

මිතුරන් සමඟ ඉතාමත් ළෙන්ගතු මිතුරෙක් වූ ලසිදු ප්‍රේමයකින් ඇතිවූ යම් විරසක වීමකින් මෙලෙස දිවි අහිමි කර ගනු ඇතැයි මිතුරන් කිසිම ලෙසකින් නොසිතන්න ඇත්තේ ඔහුගේ කෙළිදොල් ක්‍රියා හේතුවෙන්.. ඉතාමත් සමාජශීලි හා ළෙන්ගතු තරුණයකු වූ ලසිදුට ජීවිතයේ වටිනාකම බිඳක් හෝ තේරුම් ගියා නම් තම ජීවිතය මෙලෙස අවසන් කර නොගන්නා බව ඥාතීහු පවසනවා..

එසේම ලසිදුගේ මරණය නිල්ෂානී දෙසට චෝදනාවක් ලෙස එල්ල වී තිබූ බව ද පැවසේ.එය ඇයට දරා ගත නොහැකි වී තිබු බව ද පවසනවා..

අවසානයේ නිල්ෂානී ද සියල්ල පසෙක තබා තම හැදු වැඩු මව්පියන් සේම සහෝදර සහෝදරියන් සියලුදෙනා ගැන බිඳුවක් හෝ නොසිතා ජීවිතය හැර ගියා..

මිතුරන් හා ඥාතීන්ගේ සෝසුසුම් මැද සින්නපාඩුව ලුර්දු මාතා දේවස්ථානයට රැගෙන ගොස් එහිදී ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු දේවස්ථාන භූමියේ පිහිටි සුසාන භූමියේ තැන්පත් කිරීම සිදුවූයේ මව්පියන්ගේ විලාප මැදයි..

නිල්ෂානීගේ අවසන් කටයුතු මුක්කුතොඩුවාව කතෝලික දේවස්ථානයේදී ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු මිහිදන් කර තිබුණේ මෙවන් අවාසනාවන්ත ඉරණමකට ඇය නැවත උපදින භවයකදී අත් නොවේවා යන පැතුම ඇතුවයි…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *