BREAKING NEWS
Search

ලස්සන හිනාවෙන් රසිකයන් වසග කරගත් සුරූපී ජුහී චවුලා ගැන ඇසෙන පුදුම හිතෙන කතාව

10284

2024 Hurun India Rich List විසින් නිකුත් කරන ලද හොඳම ස්වයං-සාදන ලද කාන්තා ලැයිස්තුව පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරුණා.

ඒ අනුව, බොලිවුඩයේ ධනවත්ම නිළිය වන්නේ ජූහී චවුලායි.

ඇගේ ශුද්ධ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4,600 ක් බවයි පැවසෙන්නේ.

ජූහී චවුලා 80 දශකයේත් 90 දශකයේත් ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වූ අතර, 1984 වසරේ ‘මිස් ඉන්දියා’ කිරුළ හිමිකර ගත්තා.

ඇය සිනමාවට පිවිසියේ 1986 වසරේ ‘සුල්තාන්’ චිත්‍රපටයෙන්.

ජූහී චවුලා විවාහ වී සිටින්නේ ජායි මෙත්තා නමැති ව්‍යාපාරිකයා සමඟයි.

ෂාරුක් ඛාන් සමඟ ‘කොල්කොටා නයිට් රයිඩර්ස්’ අයිපීඑල් ක්‍රිකට් කණ්ඩායමේ සම හිමිකරු වන්නේ ද ජූහී චවුලා වන අතර, බොලිවුඩයේ ධනවත්ම නළුවා ලෙස තව දුරටත් අංක එක ස්ථානයේ පසුවන්නේ ෂාරුක් ඛාන් වීමද විශේෂත්වයක්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *