BREAKING NEWS
Search

ජීවිත දෙකක් බිලිගත් ජපාන සිසුවියගේ මාරක පිම්ම

110

ජපානයේ යොකෝහාමා නගරයේ සාප්පු සංකීර්ණයකින් බිමට පැන පාසල් සිසුවියක් සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඇය එම ගොඩනැගිල්ලෙන් පනින විට පදික වේදිකාවේ ගමන්කරමින් සිටි තරුණියකගේ ඇඟට වැටී අතර සහන කණ්ඩායම් ඔවුන් දෙදෙනාම රෝහල්ගත කර තිබුණි.

නමුත් එම සිසුවිය සහ 32 හැවිරිදි තරුණිය රෝහල්ගත කළ පසු මියගොස් ඇති බව වාර්තා විය.

සියදිවි නසා ගැනීම් ගැන ජපාන වාර්තා සඳහන් කරන්නේ වෙනත් දිනවලට සාපේක්ෂව සැප්තැම්බර් 01 වනදා ජපානයේ සිදු වූ අවුරුදු 18ට අඩු පුද්ගලයින් සියදිවි නසා ගැනීම වැඩි බවයි.

නව පාසල් වාරය ආරම්භ කිරීම එම සතිය තුළ සිදුවීම ඊට හේතුව ලෙස සඳහන් වෙයි.

පාසල් ගැටලු හේතුවෙන් පසුගිය වසරේදී ජපාන සිසු සිසුවියන් 513 දෙනෙක් සියදිවි නසාගෙන තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *