BREAKING NEWS
Search

තරුණ පොලිස් නිලධාරියා පොලිසිය තුළම මරුට

209

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

යාපනයේ වඩුක්කෝඩෙයි පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරියෙකු පොලිසිය තුළම මියගොස් 31දා බිම වැටී තිබේ.

හදිසියේ එක්වරම බිම ඇද වැටුණු එම නිලධාරියාගේ කටෙන් රුධිරය වහනය වීමට පටන් ගෙන ඇති අතර ඔහුව යාපනය ශික්ෂණ රෝහලට රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කොට තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල භාරතී පාරේ පදිංචි වඩුක්කෝඩෙයි පොලිසියේ සේවය කළ පෙරියසාමී දිවාකරන් නැමති 26 හැවිරිදි පොලිස් නිලධාරියෙකි. ඔහු මියයන්නට ඇත්තේ හෘදයාබාධයක් වැළඳීමෙන් බවට සැක කෙරෙන අතර ඔහුගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කොට ඇත. වඩුක්කෝඩෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *