BREAKING NEWS
Search

ආරාධිතයින් නැති – සමරු පලක නැති රුහුණු කතරගම දෙවොලින් ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුව රෝගී අයිතියට

166

ආරාධිතයින් නැති – සමරු පලක නැති

රුහුණු කතරගම දෙවොලින් ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුව රෝගී අයිතියට

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ ළමා වාට්ටු සංකීර්ණය හෙට (03) දින පෙරවරු 09ට විවෘත කිරීමට කටයුතු යෙදා තිබේ.

රුපියල් මිලියන 156 ක වියදමින් මෙම වාට්ටු සංකිර්ණය මහල් 04 කින් යුතුව රෝගී දරුවන් වෙනුවෙන් ඉදිකර ඇත. මෙම වාට්ටු සංකිර්ණය අපේක්ෂා රෝහලේ නේවාසිකව සිටින දරුවන්ගේ සුරතින් විවෘත කරන බවත් කිසිදු අයෙකුගේ නමක් ගමක් නොමැතිව ‘කතරගම දෙවියන්ට පිං අනුමෝදම් වේවා…’ කියා පමණක් සමරු පලකයේ සඳහන් කිරීම පමණක් කළ බව බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි.

රුහුණු කතරගම දෙවොලින් ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුව රෝගී අයිතියට

කතරගම දේවාලය මගින් මෑත ඉතිහාසයේ බැතිමතුන්ගේ පඬුරු ආධාර මුදල් උපයෝගී කොටගෙන සිදු කළ විශේෂ සමාජ සත්කාරය මෙය වන අතර කිසිදු දේශපාලඥයෙකුගේ සහභාගිත්වයෙන් තොරව විවෘත කරනු ලබන මෙම ව්‍යපෘතියේ ශ්‍රමදායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබාදී තිබේ.

කතරගම – කේ.ඩී. දේවප්‍රිය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *