BREAKING NEWS
Search

රන්බීර්ට පිළිකාවක් ? බොලිවුඩයෙන් ඇහෙන හද සසල කරවන කතාව

1511

බොලිවුඩ් සුපිරි තරු ගැන පැපරාසියෝ ඉන්නේ කොයි වෙලාවෙත් අවධානයෙන්. කාගේ හරි හොට් නිවුස් එකක් හොයාගෙන අතිනුත් ඒකට ලුණු ඇඹුල් දාලා රස කරලා සෝෂල් මීඩියාවල මුදාහරින්න පැපරාසින්ට තියෙන උණ සුළුපටු නැහැ.

පහුගිය දවස්වල පැපරාසින්ගේ කැමරා කාච එල්ල වෙලා තිබුණේ බොලිවුඩයේ සුපිරිම තරුවක වූ රන්බීර් කපූර් වෙතයි.
මොකක්ද රන්බීර්ගේ අලුත්ම ගොසිප් එක, පෙම් හබයක්ද?

නැහැ. පෙම් හබයකට වඩා රන්බීර් ගැන මේ ගොසිප් එක ටිකක් විතර සංකීර්ණයි. ඒ වගේම ඒ නිවුස් එක රන්බීර්ට උමතුව ඉන්න රසික රසිකාවියන්ට ලොකු කම්පාවක් වුණා.

කම්පාවට හේතුව වුණේ රන්බීර් කපූර් කැන්සර් රෝගියෙක්ද කියන සිරස්තලයත් එක්ක මීඩියාවල සටහන්ව තිබූ කටුක පුවතයි.
ඇත්තටම රන්බීර්ට කැන්සර් එකක්ද?

පහුගිය දවස්වල ඉන්දියානු මාධ්යවල එහෙම ඉඟියක් ගැන ලොකු ගින්නක් ඇතිවුණා. රන්බීර්ගේ ෆෝන් එකට, කපූර් බංගලාවේ ලෑන්ඩ් ෆෝන් එකට හෝගාලා කෝල්ස් එන්න ගත්තා. හැබැයි කවුරුවත් ඒවා ආන්සර් කළේ නැහැ. රන්බීර් ගැන පුවතට ඒ හේතුව මත තවත් ගිනි ඇවිළුණා. දිගට හරහට සෝෂල් මීඩියාවල විවිධ කටකතා පැතිර ගියා. අන්තිමේදී රන්බීර් ඇතුළු කපූර් පවුලට මේ වෙනුවෙන් යමක් නොකියා ඉන්න බැරි තැනට අලකලංචිය දුරදිග ගියා. බැරිම තැනට ආවට පස්සේ රන්බීර් එයාගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුම හරහා විවෘතව පණිවුඩයක් තිබ්බා.

පණිවුඩයේ සටහන්ව තිබුණේ මෙන්න මෙහෙම කතන්දරයක්.
රන්බීර් කපූර් මෑතක ඉඳන් මොකක්දෝ තිගැස්මකින් ඉන්නවලු. ඒ තිගැස්මට හේතුව තමාට කොයි වෙලාවක හෝ පිළිකාවක් වැලඳේය කියන සැකය සහ බයයි. ඒ සැකයට හේතුව වෙලා තියෙන්නේද ඔහුගේ පියා වූ රිෂි කපූර් පිළිකා රෝගයකින් පීඩා වින්ද රෝගියකු වූ නිසයි. රන්බීර් හීනෙන් බොහෝ විට දකින්නේද තනි වූ විට කල්පනාවට එන්නේද පිළිකා රෝගියකු පිළිබඳ කතා පුවත් අසන විට බලන විට හෝ කියවන විට සිතට නැගෙන්නේද තමාට පිළිකාවක් වැලඳී ඇති බව හෝ වැලඳීමට ආසන්න බවයි.

ඉතින් ඔහුට මෙම පීඩනයෙන් වගේම ආතතියෙන්ද ගැළවීමට මඟක් හොයමින් සිටියා.
රන්බීර් එය තම අම්මා හෝ ආලියා සමග පවසා සිටියාද?

නැහැ. සිද්ධ වුණේ වෙනත් යමක්. මීට මාස ගණනකට මුල ඉඳන් රන්බීර් ඉඩ ලැබෙන බොහෝ අවස්ථාවල තම පියා වූ රිෂි කපූර් ප්රතිකාර ගත් මුම්බායි නගරයේ පිහිටි කැන්සර් හොස්පිට්ල් එකට යන්න ගත්තා. එතැනදී ඔහු රිෂිට ප්රතිකාර කළ වෛද්යවරුන්ව මුණගැහෙන්නත් රුධිර පරීක්ෂණවලට පෙනී සිටින්නත් පුරුදු වුණා.

මගේ ඇඟේ යම් අමුත්තක් තියෙන බව මට දැනෙනවා. සමහර විට මට මගේ තාත්තට වාගේ කැන්සර් එකක් හැදෙන්න ඉඩකඩ ඇතැයි මට හිතෙනවා. මට යම් ප්රතිකාරයක් අවශ්යයි…’

රන්බීර්, රිෂි කපූර්ගේ අතීසාර මිතුරකුගේ පුතකු වූ ඔහුට ප්රතිකාර කළ වෛද්යවරයාට නිතර කියන්න ගත්තාලු. අවසානයේදී රන්බීර්ට ඉතා ළෙන්ගතුව කතා කළ වෛද්යවරයා ඔහුගේ හිතේ හටගෙන ඇති බිය මුසු සැකය තුරන් කර දැමීමට අවැසි මනෝ වෛද්ය ප්රතිකාර කරන්නට ගත්තා කියා රන්බීර් සිය ඉන්ස්ටර්ග්රෑමයෙහි සටහන් කර තිබෙනවා.

ඉතින් දැන් රන්බීර් ඒ හීනමානයෙන් මිදිලද?
ආරංචිය එහෙමයි සැලවෙන්නේ. කොහොමත් රන්බීර්, රිෂි නේවාසිකව හිටපු රෝහලට තවමත් ඉඳහිට යනවලු. හැබැයි ඒ යන්නේ වෛද්යවරයා සමග සුහදශීලී ඩිනර් අවුට් එකකට යනවද කියලා අහන්නලු. පැපරාසින්ගේ අතට මේ ඕපාදූපය එන්න හේතුව වුණෙත් ටික කලකට කලින් රන්බීර් නිතර කැන්සර් හොස්පිට්ල් එකට ආගිය ගමන කියලයි කවුරුත් කියන්නේ.

දමයන්ති රේණුකා ප්රනාන්දු




Leave a Reply

Your email address will not be published. Required fields are marked *