BREAKING NEWS
Search

ඔස්ට්‍රේලියාවම කම්පා කරමින් ලාංකීය සැමියා බිරිඳට කළ අහස පොළොව නුහුලන අපරාධය… සියැසින් දුටු දියණිය සහ පුතුගේ ඇඟ කිළිපොලායන සාක්ෂිය…

1100

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මෙල්බර්න් තදාසන්න ප්‍රදේශයේ සැන්ඩ්හර්ස්ට් ප්‍රදේශයේදී තම දික්කසාද බිරිඳ කපා කොටා ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කළ බවට පාපොච්ඡාරණය කළත් මිනීමැරුම් චෝදනාවට ඔහු වරදකරු බව ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබෙනවා.

වික්ටෝරියානු ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව පසුගිය සිකුරාදා මිනීමැරුම් චෝදනාවට 47 හැවිරිදි දිනුෂ් කුරේරාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන්කරගෙන තිබෙනවා.
ඔහුගේ දික්කසාද බිරිඳ නෙලෝමි පෙරේරාගේ මරණය සම්බන්ධයෙන් ඔහු මාසයක නඩු විභාගයකට මුහුණ දුන්නා.
කුරේරා 2022 දෙසැම්බර් 3 වන දින ඇයව ඝාතනය කළ බව පිළිගත් නමුත් ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කළ බව පවසමින් මිනීමැරුම් චෝදනාවට වරද පිළිගත්තේ නැති බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ.
ඔහු සිය නඩු විභාගය අතරතුරදී මෙල්බර්න් හි ඔවුන්ගේ නිවසේ ඇති වූ ආරවුලකදී නලෝමි තමාට පිහියක් පෙන්වා තර්ජනය කර ඇඟිල්ල සපා කෑ බව ජූරි සභාවට පවසා සිටියා.
43 හැවිරිදි නලෝමි තුවාල 35ක් සමඟ ලේ විලක් මැද මියගොස් සිටි බව අභිචෝදකයින් ජූරි සභාවට පවසා සිටියා.
ඝාතනයෙන් පසු නිවසින් පලා යාමට ඔහුූ උත්සාහ කිරීමේදී පොරවකින් පහර දී තම 17 හැවිරිදි පුතාට පහර දීමේ චෝදනාව කුරේරා ප්‍රතික්ෂේප කර සිටියා..
කුරේරාගේ සහ නලෝමිගේ නව යොවුන් වියේ පසු වූ පුතා සහ දියණිය එම අපරාධය සිදුවන විට නිවසේ සිට ඇති අතර මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සිදුකරනු ලැබුවා.
තම මව මිය යන විට 16 හැවිරිදි වියේ පසුවූ දැරිය, තම පියා මවට පිහියකින් සහ පොරවකින් කිහිප වතාවක්ම පහර දෙන බව තමා දුටු බව පැවසූ අතර, පිරිමි දරුවා පැවසුවේ පියා තමාට පහර දුන් බවයි.
ඔහුගේ පුතාට පහරදීම සම්බන්ධයෙන් කුරේරා වැරදිකරු බව ජූරි සභාව පිළිගෙන තිබෙනවා.
තීන්දුව දෙන විට කුරේරා ඇසිපිය හෙළා කෙලින් බලා සිටි බවයි වාර්තා වෙන්නේ.
ඔහු නැවත අත්අඩංගුවේ පසුවන අතර පසුව දඩුවම් නියම කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *