ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් ප්‍රසංගයක් අතරතුර දී මරුට – අවසන් මොහොතේ වීඩියෝව මෙන්න

381

එක්සත් ජනපද රැප් ගායක ෆැට්මන් ස්කූප් අමෙරිකාවේ කනෙක්ටිකට් හි ප්‍රසංගයක් අතරතුර ජීවිතක්ශයට පත්ව තිබෙනවා.

ඉදිරිපත් කිරීමක් සඳහා වේදිකාව මතට ගොඩ වෙමින් සිටින අතරතුර ඔහු එක්වරම වේදිකාව මතට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුව ගිලන් රථයකින් රෝහල්ගත කළත් ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකියාවක් ලැබී නැති බව කනෙක්ටිකට් නගරාධිපති ලෝරන් ගැරට් ෆේස්බුක් වෙත සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

මිය යන විට 53වන වියේ පසුවූ Fatman Scoop, Missy Elliott, Mariah Carey යන සුපිරි තරු සමග ගීතවත් වූ දක්ෂ තරුවක්.

ඔහුගේ මරණය තහවුරු කරමින්, ඔහුගේ නියෝජිත ආයතනය බීබීසීයට පවසා ඇත්තේ, Fatman Scoop ගේ උරුමය ඔහුගේ කාලානුරූපී සංගීතය තුලින් පවතිනු ඇති බවයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *