BREAKING NEWS
Search

ගැබිනි මවක් රෝහලට යැවූ බදුල්ලේ වෙඩි තැබීම

98

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බදුල්ල හිදගොඩ ප්‍රදේශයේ නිවසකදී අද (31) පස්වරුවේ  සිදු වූ වෙඩිතැබීමකින් දෙදරු මවක තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

ගල්කටස් වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවත් , වෙඩිපහර තුනක් පමණ එල්ලවී ඇති බවත් පොලිසිය කීය .මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් සැමියා සැකකරයි.

33 හැවිරිදි  දෙදරු මවක වන තුවාලකාරිය ගැබිනියක බවද රෝහල් ප්‍රකාශයෙක් පැවසීය .

ඇගේ වම් අතට වෙඩිපහර වැදී ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරු පැමිණි මෝටර් රථය තුළ තිබි අත්බෝම්බයක් ද, කෙටේරියක් සොයා ගත් බවත්, සැකකරු මෝටර්රථය රථය  සහ වෙඩිතැබිම ට යොදා ගත් ගල්කටස් වර්ගයේ ගිනිඅවිය සමඟ  පොලිසිය බාරයට ගත් බවද  පොලිසිය පවසයි .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *