BREAKING NEWS
Search

මස්සිනාව ඝාතනය කළ මස්සිනාට මරණ දණ්ඩනය

154

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සිය නැගණියගේ සැමියාට උල් ආයුධයකින් ඇන මරා දැමීමේ චෝදනාවලට වරදකරු කෙරුණු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

2013 වසරේ අගෝස්තු මස 25 වනදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් දුරදිගයාමෙන් පසුව සිය නැගණියගේ සැමියාට උල් ආයුධයකින් ඇන මරා දැමීම තුළින් මිනී මැරීම් සිදුකිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව විත්තිකරුට එරෙහිව නඩුව ගොනුකර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, මෙම විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු වී තිබෙන බවය.

ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කිරීම හැර වෙනත් ලිහිල් දඬුවමක් නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා සඳහන් කළේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

මරණීය දණ්ඩනය නියම වී සිටින මෙම පුද්ගලයා මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටි පුද්ගලයකු බවත් නඩු විභාගයේදී අනාවරණය විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *