BREAKING NEWS
Search

ක්‍රීඩාවෙන් විශ්‍රාම අරන් ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකුට බරපතල චෝදනාවක්

520

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයකු සම්බන්ධව ඇසෙන පුවතක්.

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර විසින් ක්‍රිකට් ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් සිදු කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණයකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම විෂමාචාරය චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන අතර, එම ආයතනයම වාර්තා කරන්නේ චර්යාධර්ම සංග්‍රහයට අදාල පරීක්ෂණයක් ඉදිරියේදී පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

දුලිප් සමරවීර ඔස්ට්‍රේලියානු A කාන්තා කණ්ඩායම ඉන්දීය A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේදී පුහුණුකරු තනතුරක් දැරීමට නියමිතව සිටි නමුත් මෙම විෂමාචාර චෝදනා අනාවරණය වීමත් සමඟම එම තනතුරින් ඉවත් වි තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලෙස විශ්‍රාම ගැනීමෙන් පසු 52 හැවිරිදි දුලිප් සමරවීර ඕස්ට්‍රේලියාවට ගිය අතර එහිදී ඔහු දශකයකට වැඩි කාලයක් පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.

Former Test cricketer and Victorian women's coach Dulip Samaraweera under  investigation for serious misconduct towards female player | CODE Sports




Leave a Reply

Your email address will not be published. Required fields are marked *