BREAKING NEWS
Search

පාසල් සිසුන් 100ක් රෝහලට යැවූ ප්‍රහාරය

384

දෙනියාය අධ්‍යාපන කලාපයේ පට්ටිගල පර්සි අබේවර්ධන මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුන් 100 දෙනෙකු පමණ අද (30) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව ඇත.

එම සිසුන් සියලුදෙනා කඩිනමින් ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර, ඉන් 8 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරුකර යවා තිබේ.

සිසුන් 70 දෙනෙකු මේ වනවිටත් ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනෙක් සිසුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

පාසල අසල ඉඩමක ගසක තිබූ බඹර වදයක් ඇවිස්සීමෙන් පාසල් සිසුන් මෙන්ම පාසලේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්ද මෙම ප්‍රහාරයට ලක්ව තිබුණි.

කෙසේ නමුත් ගුරුවරුන් සහ එම වේලාවේ පා⁣සලේ සිටි දෙමාපියන් විසින් දරුවන් කඩිනමින් ආරක්ෂිත පන්ති කාමරවලට, විදුහල්පති කාමරයට මෙන්ම පරිගණක ඒකකයට යවා එළියේ ගිනිමැල ගසා බඹරුන් පළවා හැරීමට කටයුතු කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *