BREAKING NEWS
Search

සැප්තැම්බර් 21 ඡන්දය දාන්නේ කොහොම ද?: මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

161

2024 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ යුතු පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කරන බැවින්, එක් අපේක්ෂකයෙකුට ඡන්දයත්, වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවෙනි මනාපය සහ තුන්වැනි මනාපයත් ඡන්ද පත්‍රිකාවක ලකුණු කිරීමට හැකියාව පවතින බවයි එහි දක්වා ඇත්තේ.

කෙසේ වෙතත් අවශ්‍ය නම් ඡන්දය පමණක් ලකුණු කිරීමටද හැකියාව පවතිනවා.

ඒ අනුව ඡන්ද දායකයා ඡන්ද පත්‍රිකාවෙහි තමන් කැමති අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන් වෙන්කර ඇති කොටසෙහි 1 ඉලක්කම සලකුණු කර ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.

ඉන්පසුව 2 සහ 3 දරන ඉලක්කම් සලකුණු කිරීමෙන් තම දෙවන හා තුන්වන මනාප දැක්විය හැකි බව අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා.

ඡන්ද පත්‍රිකාවක, ඡන්ද දායකයෙකු විසින් සිය දෙවැනි හෝ තුන්වැනි මනාපය සලකුණු කර නොමැති වුවද, එහි නිසියාකාරව එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් සලකුණු කරන ලද ඡන්දයක් වේ නම් එය වලංගු ඡන්දයක් ලෙස පිළිගැනෙනු ඇති.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත👇🏻

Monara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *