BREAKING NEWS
Search

ප්‍රසිද්ධ ගායකයාට අපරාධ චෝදනාවක් ?

375

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දකුණු කොරියානු ගායක ටේල්, නිශ්චිත නොවන ලිංගික අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබීමෙන් පසු ඔහුගේ K-pop සංගීත කණ්ඩායම වන Neo Culture Technology (NCT) සංගීත කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා.
මෙම චෝදනාව ප්‍රථම වරට ජූනි මාසයේදී බලධාරීන්ට දැනුම් දෙන ලද අතර, ටේල් සංගීත කණ්ඩායමෙන් ඉවත්වීම අගෝස්තු 28 වන දින SM එන්ටර්ටේන්මන්ට් විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු තවමත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැති බවද සඳහන්.

මූන් ටේ-ඉල්, ඔහුගේ අන්වර්ථ නාමය වන ටේල් ‍යන නාමයෙන් වඩාත් ජනප්‍රිය වු අතර ඔහු ගායකයෙක් සහ ගීත රචකයෙක් වෙනවා.

ඔහු උපත ලැබුවේ දකුණු කොරියාවේ අගනුවර වන සෝල්හිදීයි.

ඔහුගේ ගායන දිවිය ආරම්භ වූයේ 2013 දී SM එන්ටර්ටේන්මන්ට් විසින් ඔහුව සොයා ගැනීමත් සමගයි.

2016 දී NCT හා සම්බන්ධ වන ඔහු සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියාද වනවා.

SM එන්ටර්ටේන්මන්ට් සතුව ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ පිරිමි සංගීත කණ්ඩායමක් වන Exo ඇතුළු බොහෝ සාර්ථක K-pop සංගීත කණ්ඩායම් පවතිනවා.

කෙසේ වෙතත් SM එන්ටර්ටේන්මන්ට් බදාදා X හි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “ලිංගික අපරාධයකට සම්බන්ධ අපරාධ නඩුවකට” චෝදනා මත ටේල් NCT හැර ගිය බවයි. ලිංගික අපරාධ පිළිබඳ විස්තර එහි සඳහන් කර නොමැත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *