BREAKING NEWS
Search

පොලීසියේ තිදෙනෙක් අත්අඩංගුවට

149

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මත්කුඩු අලෙවි කරන නිවසක් බවට හඳුනාගෙන ඇති නිවසක සැක කටයුතු අන්දමින් රැඳී සිටි පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අද (29) අලුයම අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලීසියේ රාජකාරියේ නියුතු කොස්තාපල්වරුන් තිදෙනෙකි.

සැකකාර පොලිස් නිලධාරින් තිදෙනා මත්කුඩු අලෙවි කරන නිවසක රැඳී සිටින බවට උසස් පොලිස් නිලධාරියෙකුට ලද තොරතුරක් මත වැලිපැන්න පොලීසිය දැනුවත් කිරීමෙන් පසු රාත්‍රි ජංගම සංචාරයේ නිරත නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් නිලධාරීන් අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා එහි රැඳී සිටියේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද පොලීසිය පැවසීය.

සැකකරුවන් වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර වෛද්‍ය වාර්ථාවක් ලබාගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *