BREAKING NEWS
Search

ගායන ශිල්පිනී කේ.සුජීවා ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න

25401

ප්‍රසංග වේදිකාවට හුඟක් හුරුපුරුදු කේ. සුජිවා “ඉඟි මරන තරු රෑන” ගීතයෙන් එක රැයකින් ජනප්‍රිය වුනු ගායිකාවක්.

ඉඟිමරන තරු රෑන කෝ.. කේ. සුජීවා එහෙම කියමින් කලක් රටම වසඟ කළ ඇය අදටත් ප්‍රසංග වේදිකාවේ රැඳී සිටින්නේ තව තවත් ජනප්‍රියට පත්වෙමිනුයි.

ඉතින් පසුගිය කාලයේ කේ. සුජීව ගැන කතා බහට ලක් වුණේ අතුරුගිරියේ වෙඩි තැබීමත් එක්ක.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මියගියා.

එහිදි ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබු අතර කලක් කොළඹ ජාතික රෝහලෙත් පසුව පෞද්ගලික රෝහලකත් නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඇය මේ වන විට නිවසට ගොස් තිබෙනවා.

මේ වන විට ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *