BREAKING NEWS
Search

ඇමැති සබ්‍රි සමාව ඉල්ලයි

160

ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී ජනතාවට විදීමට සිදුවූ දුෂ්කරතා සම්බන්ධයෙන්  තමා  රජයේ නියෝජිතයකු ලෙස  ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින  බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ  අලි සබ්‍රි මහතා පැවසීය.

එම ස්ථානයේ පාස්පෝට් නිකුත් කිරීමෙන් කටයුතු  මීට වඩා හොඳින් කළමනාකරණය කර ගැනීමේ හැකියාව තිබූ බව තමා විශ්වාස කරන්නේ යැයි  පැවසූ අමාත්‍යවරයා එසේ නොවීම ගැන කනගාටුව පළ කරන බවද ප්‍රකාශ කළේය.

මේ තත්ත්වය මතු වී ඇත්තේ අලුතින් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම නිසා බවත් අලුත් බලපත්‍ර තොගය ඔක්තෝබර් මාසය වනවිට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත්  ඔහු කීවේය. එතකම්   තියෙන ඒවායින් පාලනය කර ගැනීමට සිදුවන බවද විදේශ අමාත්‍යවරයා කීවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *