ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකික තරුණයෙක් කරගත් විනාසය

213

සරණාගත භාවය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකික පුද්ගලයෙක් මෙල්බර්න් හිදී සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

23 හැවිරිදි වියේ පසුවූ එම තරුණයා 2013 වසරේදී ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් සංක්‍රමණය වූ පුද්ගලයෙක් බව සඳහන් ය.

එහිදී ඔහු සිය දෙමව්පියන් සමග මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණි.

ඔහු තාවකාලික වීසා බලපත්‍රයක් මත එරට වසර 11ක් පමණ වාසය කර ඇති අතර ඔහු සරණාගත භාවය සඳහා මීට පෙර ඉල්ලුම් කර තිබුණද එය ප්‍රතික්ෂේප වී තිබුණි.

මනෝ යෝගලිංගම් නම් එම තරුණයා ඔහුගේ වීසා ගැටලුව හේතුවෙන් ඉතා කනස්සල්ලෙන් සිටි බව පැවසෙයි.

වික්ටෝරියා පොලීසියේ නිලධාරියෙක් පැවසුවේ ඔහු ඊයේ (අඟහරුවාදා) රාත්‍රියේ සිය සිරුරට ගිනි තබාගෙන ඇති බවත් හදිසි ප්‍රතිකාර අංශ මගින් ඔහුව රෝහල්ගත කර තිබූ බවත් ය.

නමුත් ඔහු අද (28) මියගොස් තිබුණි.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාකර ඇත්තේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ “සරණාගතයින්ට හඳුන්වා දී ඇති ප්‍රතිපත්තියට” විරෝධය දක්වමින් ඔහු එම තීරණය ගන්නට ඇති බවය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *