BREAKING NEWS
Search

උද්දිකගේ වෙඩි තැබීම් සිද්ධිය සම්බන්ධයෙන් අද ලබා දුන් නියෝගය මෙන්න

210

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

උද්දික ප්‍රේමරත්න කියන්නේ පසුගිය දිනවල වැඩිපුරම කතාබහට ලක්වුණ ජනප්‍රිය චරිතයක්.

මේ ඔහු ගැන ඇසෙන අලුත්ම පුවත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධියට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවෙකු ලෙස නම් කර සිටින අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාමට විදෙස් ගත වීම වලකාලමින් අධිකරණය තහනම් නියෝග දෙකක් නිකුත් කර තිබෙනවා.

ඒ අදාළ නඩුව මෝසමක් මගින් අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවේ යළි කැඳවූ අවස්තාවේදීයි.

ඔහු දැනට දිවයිනේ සිටින බවට තොරතුරු වාර්තා වී ඇති අතර අත්අඩංගුවට ගැනීමට මහනුවර ප්‍රදේශයේ පිහිටි නිවසට ගියද එම නිවසේ කිසිවෙකුත් එහි නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *