BREAKING NEWS
Search

පාස්පෝට් ගන්න පොලීසියෙන් ටෝකන්

112

ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ අද (28) සිට දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 1,000 බැගින් නිකුත් කිරීමට පියවර ගන්නා බවය.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ අපේක්ෂාවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අසළ පිරිස් රැඳී සිටින්නේ දින ගණනාවක සිටය.

ඒ අතරින් බොහෝදෙනා ඊයේ රාත්‍රියද එම ස්ථානයේම පහන් කළේය.

දින ගණනාවක මෙලෙස රැඳී සිටින පිරිස් වෙත ටෝකන් පත් ලබාදීමට පියවර ගැනුණි.

දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමත් සමග ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මෙලෙස පෝලිම් නිර්මාණය වුණි.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදෙන තෙක් ඔක්තෝබර් මාසය දක්වා එම තත්ත්වය පවතිනු ඇති බැවින් අත්‍යාවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර අයදුම් කරන ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ එවන් පසුබිමකය.

කෙසේවෙතත්, එම ඉල්ලීම් නොතකමින් අද පෙරවරුවේත් තවත් පිරිස් එම ස්ථානයට පැමිණ සිටියහ.

මේ අඅතර විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇතිව තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරයෙකු ලෙස තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *