BREAKING NEWS
Search

ජනපති සටනට ආ අපේක්ෂකයින් තිදෙනෙක් අතුරුදහන්

187

ජනාධිපතිවරණය සඳහා නමා යෝජනා ලබාදුන් අපේක්ෂකයින් තිදෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව ප්‍රජාතාන්ත්‍රීය, ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධාක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසයි.

“අද දෙරණ BIG FOCUS” වැඩසටහනට එක් වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ අතර ඉන් එක් අපේක්ෂකයෙක් පසුගිය දා අභාවප්‍රාප්ත වුණි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මංජුල ගජනායක මහතා,

“අභාවප්‍රාප්ත වූ පුද්ගලයා වෙනුවට තවමත් නම් කර නැහැ. ඒ නම් නොකිරීම තුළ මම යම් දුර්වලතාවයක් දකිනවා. සංවිධිතව මේ ක්‍රියාවලිය දායක වුණානම් අදේශකයක් තිබිය යුතුයි. පෑලෑන් A සහ පෑලෑන් B නැති එකත් යම් ආකාරයකට මම විශ්වාස කරන්න වංක වීමක් ලෙස. මේ 38 දෙනාගෙන් 15 දෙනෙක් පමණයි යටත් පිරිසෙන් අඩුම තරමේ පුද්ගලයින් 10 දෙනෙකු රැස් කර හමුවක් පවත්වා තිබෙන්නේ. මම ඉතාම වගකීම් සහගතව මේ ප්‍රකාශය කරන්නේ.

පොකට් මිටීන් එකක් හෝ එහෙමවත් හමුවක් සංවිධානය කරලා තියෙනේ 15 දෙනෙකු පමණයි. අනෙක් 24 දෙනා එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. තව 23 දෙනෙකු ඉතුරුයි. ඒ 23 දෙනාගෙන් 03 දෙනෙකු ආගිය අතක් නැත. 

මැතිවරණ කොමිසමට ලබාදී ඇති දුරකථන අංකවලට ඇමතුවාට පස්සේ 03කින් දෙන්නෙක් අමතන්නේ වෙන කෙනෙක්. අනෙක් කෙනා දුරකථනය විසන්ධි කරනු කරනවා. ඒ 23 දෙනාගෙන් 05 දෙනෙකුට අඩුම තරමේ සමාජ මාධ්‍ය යටතේ ෆේස්බුක් ගිණුමක්වත් නැහැ. අනෙක් 23 දෙනා වෙත නැවත ප්‍රවිෂ්ඨ වුණොත් පේන දේ තමයි ඔවුන්ගෙනුත් යටත් පිරිසෙන් තුන්දෙනෙක්වත් අඩුම තරමේ තමන් ජනාධිපති අපේක්ෂකයෙක් යැයි නාමයෝජනා පත්‍රයේ අත්සන් කරලා තියෙනවා.

ඇප තැන්පත් කරලා තියෙනවා. ඒ හැර තමන්වත් කිසිම තැන හඳුන්වා ගෙන නැහැ. අඩුම ගාණේ මාධ්‍ය වෙතවත් මම ජනාධිපතිවරණයට තරග කරනවා කියලා තුන්දෙනෙක් කියලා නැහැ. 

අනික් කාරණය තමයි අපිට අවශ්‍ය වුණා මේ 39 දෙනාගේ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න අපේ වෙබ් අඩවියේ. එහිදීත් ඇත්තටම ඡායාරූපයක් ලබාගැනීමට නොහැකි වී තිබෙනවා. 15 දෙනා හැර අනෙක් 24 දෙනා සංනිවේදනය සඳහවත් එළඹෙන්නේ නැහැ.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *