යතුරු පැදිකරු මියයාමත් සමගම ලොරි රථයේ රියදුරු ගොස් කිළිනොච්චිය පොලීසියට බාර වී ඇති බව පොලිසිය පවසනවා…
අනතුරෙන් මියගොස් ඇත්තේ, කිළිනොච්චිය කනකම්බෙයිකුලම් ප්රදේශයේ පදිංචි අරුල්නේසන් අරුල්වනාතන් නැමති 42 හැවිරිදි දෙදරු පියෙක්..
ඔහු සිය යතුරු පැදිය යාපනය දෙසට පදවා ගෙන යාමේදී 155 හන්දියේ දී මගීන්ට නැගීමට බසයක් නතර කර සිට ඇති අතර, යතුරු පැදිකරු බසයට ඉස්සර කිරීමත් සමගම පිටුපසින් පැමිණි ලොරි රථයක යතුරු පැදියේ ගැටීමෙන් යතුරු පැදිකරු ලොරියට යට වී මෙසේ එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා..
කිළිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි…






















