BREAKING NEWS
Search

රියදුරා සහ සේවකයාගේ කතාව පටලැවී තමා පැහැර ගන්න උත්සාහ කරන බව සිතා ගිලන් රථයෙන් පැන්න දොස්තර නෝනා දැන් කියන කතාව

400
තමා පැහැර ගැනීමට උත්සාහ කරන බවට ඇතිවූ වැරදි වැටහීමකින් වෛද්‍යවරියක ගිලන් රථයකින් පැනීමේ සිද්ධියක් නෙළුම්කුලම පොලිසියෙන් වාර්තා වුණේ පසුගිය දිනකයි…

ගිලන් රථ රියදුරෙක් විසින් ඊයේ රාත්‍රියේදී වවුනියාව මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් මෙලෙස බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදී ඇය ගිලන් රථයෙන් බිමට පැනීම නිසා තුවාල ලබා තිබෙනවා..

මේ සම්බන්ධයෙන් ගිලන් රථ රියැදුරකු සහ රෝහල් සේවකයකු අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරිය බව වවුනියාව නෙලුක්කුලම පොලිසිය පවසා තිබුණේ..

වවුනියාව රෝහලට අයත් ගිලන් රථයක් වවුනියාව රෝහලේ සිට වවුනියාව පම්පෙමඩුව ආයුර්වේද රෝහලේ නේවාසික රෝගී සම්බාහන වාට්ටුව වෙත රාත්‍රී ආහාර රැගෙන ගොස් ඇති අතර, ආයුර්වේද රෝහලට ආහාර ලබාදී නැවත පැමිණෙන අවස්ථාවේ රෝහලේ සිටි වෛද්‍යවරියක තමන් වවුනියාව නව බස් නැවතුම්පොළ වෙත ඇරලවන ලෙසට රියැදුරුට සඳහන් කර ගිලන් රථයට ගොඩවී තිබෙනවා… එම අවස්තාවේදී ගිලන් රථ රියැදුරු පම්පෙමඩුව පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ගිලන් රථයට ඉන්ධන පුරවාගෙන වවුනියාව බස් නැවතුම්පොළට යාමට පිටත්ව ඇති අතර, වවුනියාව බස් නැවතුම්පොළ වෙත කෙටි මාර්ගයකින් ගමන් කිරීමට රියැදුරු ගිලන් රථය හරවා ඇතැයි ද පැවසූ නමුත් ඇයට ඊට ප්‍රතිචාර ලැබී නැහැ..

ඒම අවස්ථාවේ සුපුරුදු මාර්ගයෙන් ගිලන් රථය ගමන් නොකිරීම හේතුවෙන් ආයුර්වේද වෛද්‍යවරිය බියවී ගිලන් රථයෙන් එළියට පැන තමන් පැහැරගෙන යාමට කටයුතු කරන බවට කෑ ගසා තිබෙනවා…

සිද්ධිය වූ අවස්ථාවේ මාර්ගයේ සිටි පිරිසක් ගිලන් රථ රියැදුරා හා සේවකයා රථයෙන්බස්සවා අල්ලාගෙන ඇති අතර සිදුවීම පිළිබඳ සිතාගැනීමට නොහැකිව රියැදුරුගේ ඉල්ලීම මත ප්‍රදේශවාසියකු නෙලුක්කුලම පොලිසිය වෙත දැනුම්දී නිලධාරීන් පැමිණි තිබූ නමුත් විමර්ශනවලදී පෙනී ගොස් ඇත්තේ මෙවැනි කරුණක්.. ගිලන් රථ රියැදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් කෙටි මාර්ගයකින් වවුනියාව බස් නැවතුම්පොළ වෙත ගමන් කිරීමට පිටත් වූ බවත් එම අවස්ථාවේ වෛද්‍යවරිය එකවර බියවි කෑ ගසා රථයෙන් බිමට පැන ඇති බවයි..

වෛද්‍යවරිය බස්නැවතුම වෙත කෙටි මාර්ගයෙන් රැගෙන යාම සිදු කරන බවට ගිලන් ර්ථයේ රෝහල් සේවකයා ද්‍රවිඩ භාෂාවෙන් ගිලන්රථ රියැදුරුට පවසා මාර්ගය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී සිංහල පමණක් දන්නා වෛද්‍යවරිය එය තේරුම් ගැනීමට නොහැකිව වරදවා තේරුම් ගෙන කෑ ගසා ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බවත් පොලිසිය පවසා තිබෙනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *