රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
අද වෙනකොට බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ එහෙමනේ..
මීට වසර හත අටකට ඉහතදී බිරිඳගෙන් දික්කසාද වී දරුවන්ගෙන් වෙන් වී ජීවත් වන ඔහු පෞද්ගලික සේවයෙන් විශ්‍රාම ලැබූ හැට එක් හැවිරිදි වියේ පසුවෙන අයෙක්… විශ්‍රාමගත් පසු ඔහුට තනිකම හා පාළුව දැඩිව දැනෙන්නට පටන්ගත් හෙයින් මිතුරන් ඔහුට යෝජනා කළේ අවසන් කාලයේ වතුර බිඳක් හරි දෙන්න කෙනෙකු හොයා ගමුයි කියායි..
අදාළ දිනයේ ඔහු මිතුරා සමඟ වලපනේ පිහිටි ඇයගේ නිවසට ගියේ දහසක් අනාගත බලාපොරොත්තු කරපින්නාගෙන වුණත්, නිවසට ගොඩවන විට මවක සහ තවත් කාන්තාවක ඔවුන් ඉදිරියට පැමිණ සිංහල චාරිත්‍රානුකූලව පිළිගෙන නිවස තුළට කැඳවාගෙන ගොස් අසුන් ගන්වා ආගිය තොරතුරු කතා බහ කරමින් පිළියෙළ කර තිබූ තේ මේසයටද මව ඔවුන්ට ආරාධනා කළා..
තේ මේසයට ගිය ඔහු කෝ අසවලා යැයි මිතුරාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තේ මේසය අසලට පැමිණ ඔවුන් සමඟ කතා කරමින් සිටින කාන්තාව ඇය බවයි… මේ කාන්තාව තමන් වට්ස් ඇප් හරහා දුටු හා කතා කළ කාන්තාව මැය නොවන බවත් ඇයගේ කතාබහෙන් හා හැසිරීමෙන්, රූපයෙන් ඔහුට වැටහුණු අතර ඒ ගැන මිතුරාගෙන් විමසූවිට ඔහු පැවැසුවේ වට්ස් ඇප් හරහා කතා කළේ මැයම බවයි..
මිතුරා තමන් මුළා කර ඇති බව ක්ෂණයකින් අවබෝධ වූ පසු වහා අසුනෙන් නැගිට “බලු වැඩ කරන්න එපා මිනිහෝ. තමුසේ වට්ස් ඇප් එකෙන් පෙන්නපු, කතා කරපු කෙනා නෙවෙයි මෙයා. එයා මෙයාට වඩා වයසිනුත් බාලයි. මෙයාට වඩා රූපයෙනුත් හැඩයි. කතා විලාශයත් වෙනස්.” යැයි කියමින් මිතුරාට බැණවැදී තේ බිඳක්වත් පානය නොකර වහා නිවසින් පිටතට විත් ඔහු පැමිණි යතුරුපැදියේ නැගී ගම බලා වේගයෙන් පියඹා ආවේ මිතුරාද එහි දමායි…
ගමට පැමිණි ඔහු මේ පුවත තම මිතුරන්ට පැවසුවේ තවත් නම් තමන්ට සහකාරියක් සොයන්නට කිසිවකු මහන්සි නොවන ලෙසත් පසුගිය දිනවල මුහුණ දුන් සිදුවීම් කීපයක් නිසා තමන් ඒ පිළිබඳව දැඩි සේ පීඩාවටත් අපහසුතාවටත් පත්ව සිටින බව කියමින්..

















