BREAKING NEWS
Search

රෙස්ලින් ලෝකයේ දැවැන්තයක් දිවි ගමනට සමුදෙයි…

1061
කීර්තියට පත් හිටපු WWE ශූරයෙක් වන Sid Eudy, මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිළිකා රෝගය සමඟ කළ දිගු සටනකින් පසු ඔහු මෙලෙස 64 හැවිරිදි වියේ දී අවසන් ගමන් ගිය බවයි ඔහුගේ පවුලේ පිරිස් නිවේදනය කර තිබුණේ.

Eudy ගේ පුත් Gunnar Eudy ඊයේ ෆේස්බුක් හි සටහනක් මගින් තම පියාගේ මරණය මෙලෙස නිවේදනය කර තිබුණා.

“මගේ පියා වන Sid Eudy වසර ගණනාවක් පිළිකාව සමඟ සටන් කිරීමෙන් පසු අභාවප්‍රාප්ත වූ බව බෙදා ගැනීමට මම බෙහෙවින් කණගාටු වෙමි” යනුවෙන් එම සටහනේ සඳහන් වේ.

“ඔහු ශක්තිය, කරුණාව සහ ආදරය ඇති මිනිසෙක් වූ අතර, ඔහුගේ පැමිණීම බොහෝ සෙයින් මග හැරෙනු ඇත. මෙම අලාභය අප ශෝක කරන විට ඔබගේ සිතුවිලි සහ යාච්ඤාවන් අපි අගය කරමු. අනුස්මරණ සේවාවක් සඳහා විස්තර ඉක්මනින් බෙදාගනු ඇත. ඔබගේ සහයෝගයට ස්තුතියි.”

Sid Justice, Sid Vicious සහ Sycho Sid මැයෙන් කතාබහට ලක් වූ ඔහු එවකට වඩාත්ම බලගතු සහ බිහිසුණු තරගකරුවෙක් ලෙස ප්‍රකටය.

1960 වසරේ එක්සත් ජනපදයේ ආකැන්සාස් හි උපත ලද Sid Eudy මල්ලවපොර පිටියට පිවිසියේ 1989 දී ලෝක ශූරතා මල්ලවපොර (WCW) තරඟාවලියට සම්බන්ධ වීමෙනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *