BREAKING NEWS
Search

හතලිහකගේ රට රැකියා සිහිනය බොඳ කරලා

128

කැනඩා රටේ රැකියා අවස්ථා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් රුපියල් හාර කෝටි 63 ලක්ෂයකට අධික මුදලක් වංචා කර සැඟව සිටියේ යැයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න සැකකරු ලබන 09වැනි දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(26) නියෝග කළේය.

සැකකරුට එරෙහිව මේ වන විට පැමිණිලි හතලිහකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත්,සැකකරු ඊයේ (25)දින අත්අඩංගුවට ගත් බවත් කොළඹ වංචාව විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රෂින්ත පියරත්න මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

සැකකරු 2017 වසරේ සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු ඇති බවත්,සැකකරුට එරෙහිව තවමත් පැමිණිලි ලැබෙමින් පවතින බැවින් හා විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන නම වැනි දින දක්වා බඳුනාගාර ගත කිරීමට නියෝග කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *