BREAKING NEWS
Search

කාන්තාවන්ට කොරියාවේ රැකියා අවස්ථා

103

දකුණු කොරියාවේ ධිවර අංශයේ රැකියා සඳහා ලංකාවේ කාන්තාවන්ටත් මේවන විට අවස්ථාව හිමිව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, ඊයේ (25) දිනයේ දී ධීවර අංශයේ රැකියා අවස්ථාව හිමිවූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කොරියාව බලා පිටත්ව ගිය බවය.

එම පිරිසට කාන්තාවන් තිදෙනෙකු ද ඇතුළත්ව ඇති අතර, දකුණු කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *