BREAKING NEWS
Search

එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනාගේ ශෝකාන්තයකින් අවසන් වූ ගමන

203

දැදුරු ඔයේ දියනෑමට ගොස් ගිලි අතුරුදන් වූ මවගේ සහ බාල පුතුගේ සිරුරු හමුවී තිබේ.

ඊයේ (25) දහවල් කාලයේ දී බෝගමුව ප්‍රදේශයෙන් දැදුරු ඔයේ දිය නෑමට ගිය එකම පවුලේ මවක් සහ දරුවන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් විය.

ඊයේ සවස් කාලය වන විට ඉන් එක් දරුවෙකුගේ සිරුර සොයාගෙන තිබු අතර මව සහ අනෙක් දරුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක විය.

පොලීසිය පැවසුවේ අද අලුයම් කාලයේ දී දියේ ගිලී අතුරුදන්ව සිටි මව සහ අනෙක් දරුවා ගේ සිරුරු සොයාගෙන ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ පේරගහවත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටි 36 හැවිරිදි මවක් සහ ඇගේ 9 හැවිරිදි සහ 5 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනාය.

සිද්ධිය සම්බන්ධයෙන් බෝගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *