BREAKING NEWS
Search

ක්ලබ් වසන්ත ඝාතනයේ තවත් තොරතුරු රැසක් එළියට…

278
අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණු සිදුවීමක්….

එහි තවත් තොරතුරු කිහිපයක් එළියට පැමිණ තිබෙනවා..

මෙම සිදුවීමට අදාළ වෙඩික්කරුවන්ට රටින් පිටවීමට අවස්ථාව හිමි වුණේ නැහැ..

එයට හේතු වී ඇත්තේ වෙඩික්කරුවන්ව මෙහෙයවූ ලොකු පැටී යන පුද්ගලයා බෙලරූස්හී දී අත්අඩංගුවට පත්වීම හේතුවෙන් සියලු සැලසුම් බිඳ වැටී තිබුණ බවයි පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත්තේ..

අතුරුගිරියේ ප්‍රධාන වෙඩික්කරු පසුගිය 23 වැනිදා සවස අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල පල්ලියදොර පාරේ පිහිටි නිවසක රැඳී සිටියදීයි.

ඒ, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

මෙම සැකකරුට අමතරව මෙම නිවස ඔහුට සැඟවීමට කුලීපදනම මත සොයා දුන් පුද්ගලයා හා ප්‍රහාරයට පෙර අතුරුගිරියෙන් නවාතැන් පහසුකම් සපයාදුන් ත්‍රිරෝද රථ රියැදුරෙක්ද මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ..

පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවකු ඇතුළු තිදෙනා පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී ඇති බවයි..

මේ අතර, සොයා ගත් පතොරම් අතර ටී 56 ජීව උණ්ඩ 165ක්, මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 77ක්, විවිධ වර්ගයේ උණ්ඩ 17ක්, පොයින්ට් 38 වර්ගයේ උණ්ඩ 8ක්, බෝර 12 වර්ගයේ පතොරම් 4ක්ද තිබී ඇත. මේ හැරුණු කොට ටී – 56 වර්ගයේ ගිනි අවියක්, ෂොට්ගන් එකක්, පිස්තෝල මැගසින් 1ක්, 9MM පතොරම් ගැබ් එකක්, අත් විලංගු 1ක්, සයිනඩ් කරල් 2ක් හා ජංගම දුරකතන 03ක් ද සොයා ගෙන ඇති බවයි සඳහන් වන්නේ..

Make a Comment



Leave a Reply

Your email address will not be published. Required fields are marked *