බීමතින් නිවසකට රිංගා උපන් ඇඳුමින් දුවපු පොලිස් කොස්තාපල්

215
තමන්ගේ නිල ඇඳුමේ ගෞරවය ගැන හෝ රාජකාරියේ වගකීම් ගැන හෝ මීට වඩා ඔහු සිතුවා නම් මේ වගේ දෙයක් සිදු නොවෙන්න තිබුණා..

ඒත් අවසානයේ මත්වතු‍රෙන් හොඳින් සප්පායම් වුණු ඔහුට සිදුවෙලා තිබුණේ කිසිවෙකුත් නොසිතූ දෙයක්..

රාජකාරියේ නිරතව සිටිය දී අධික ලෙස මත්පැන් පානය කර තැබෑරුමක් අසල නිවසකට ගොස් නිල ඇඳුම් ගලවා නිරුවතින් බිම නිදා සිටි පොලිස් කොස්තාපල්වරයකු කයිට්ස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

මෙම නිලධාරියාව අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු නිරුවතින් එම නිවසේ සිට දිව ගොස් කම්බි වැටකින් රිංගා යාමට ගොස් එහි පැටලී තුවාල ලබා ඇති බවත්, ඔහු මේ වනවිට කයිට්ස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, කයිට්ස් පොලිසිය සඳහන් කරනවා..

මෙම නිලධාරියා පසුගිය 23 වැනිදා රාත්‍රී රාජකාරියේ යොදවා සිට ඇත්තේ පුංකුඩතිව්හි මඩත්තවේලිහි පිහිටි මාර්ග බාධකයේවන අතර, රාජකාරියට ඔහු ගොස් ඇත්තේද මත්පැන් පානය කර බව විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා..

එසේ මාර්ග බාධකයේ බීමතින් සිටිමින් ඔහු පුද්ගලයකුට පහරදීමක්ද කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා..

ඒ සම්බන්ධයෙන් කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොලිස් කණ්ඩායමක් මුරපොළ වෙත පසුගියදා අලුයම යන විට ඔහු එහි සිට නොමැති බව සඳහන්..

පුංකුඩතිව් තැබෑරුම අසල පිහිටි නිවසක ඔහු නිදාගෙන සිටින බවට එහි දී පොලිස් නිලධාරීන්ට තොරතුරු ලැබී ඇති අතර, ඒ අනුව නිලධාරීන් එහි යන විට මෙම නිලධාරියා ඔහුගේ නිල ඇඳුම ගලවා නිරුවතින් බිම නිදාගෙන සිටිනු දැක තිබෙනවා..

මෙම නිලධාරියාව ඇහැරවා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු පලා යාමට උත්සාහ කිරීමේදී මෙසේ අනතුරට පත්ව ඇති බව පොලිසිය පවසනවා..

රාජකාරී වේලාව තුළ බීමතින් සිටීම, පොලිසියට අපකීර්තියක් ඇතිවන ආකාරයට නිරුවතින් නිවසක නිදාගෙන සිටීම ආදී කරුණු මුල්කරගෙන මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ද ඊයේ පියවර ගෙන තිබෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *