අවාසනාවන්ත ලෙස ඇතාවැටුණුවලට බිලි වූ පී.එච්.අයි වරු දෙදෙනා…

394

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අවිත්තාව ඉහල කන්ද යගිරල ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නෑමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි ඉත්තෑපාන පොලිසිය පවසයි.

මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්ධන සහයකයින් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව් දෙනෙකු අදාල දිය වලෙහි දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය ට අනුයුක්තව සේවය කල එස්. ගෞතම් සහ එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අනුයුක්තව සේවය එස්. හර්ෂනාත් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාය.

දේහයන් පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෙට (26) දිනයේදී පැවැත්වීමට නියමිත වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *