BREAKING NEWS
Search

බීමත් පියා බාල්කයේ එල්ලී මියයද්දී මව මරු තුරුළට – පුතා දැඩි සත්කාරයට

455

සිය බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර වැඩිමහල් පුතාටද පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කොට එම පුද්ගලයා නිවසේ බාල්කයේ වයරකින් එල්ලී සිය දිවි හානිකර ගෙන තිබේ

ඝාතනයට ලක්ව ඇත්තේ නිවිතිගල උඩු දෑල පදිංචි ටී. ඇම්. රේණුකා රණවීර නමැති 37හැවිරිදි සිව් දරු මවකි. සිය දිවි හානිකරගෙන ඇත්තේ 47 හැවිරිදි ප්‍රියන්ත කුමාර වන ඇයගේ ස්වාමි පුරුෂයාය. 21 දා රාත්‍රී බීමත්ව පැමිණි සැමියා හා මෙම දෙදෙනා අතර සිදුවූ බහින් බස්වීමකින් පසු පිහියකින් පහර දීමක් සිදු කරඇත. එය වැළැක්වීමට ඉදිරියට පැමිණි සිය පුතා ද පිහි පහරට ලක්ව බරපතළ තුවාල ලබා ඇත.

අසල්වාසීන් විසින් තුවාලකරුවන් රෝහල්ගතකර තිබේ. ඒ වනවිටත් මෙම කාන්තාව මියගොස් ඇති අතර තුවාල ලබා සිටි පුතා මේ වනවිට රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඝාතනයට ලක් කාන්තාවගේ මළ සිරුර රත්නපුර රෝහලේ මෘත ශරිරාගාරයට භාරදී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරයි.

නිවිතිගල – ධර්මසිරි ජයවර්ධන, රත්නපුර – අසිත ඉන්දික වීරවර්ධන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *