රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් ජීප් රථයක් ඊයේ (22 වැනිදා) අලුයම 1.00 ට පමණ නාරම්මල, කටුපොත මාර්ගයේ දේවාල හන්දිය අසලදී මාර්ගයෙන් ඉවතට පැන ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක ද පසුව පදිකයින් දෙදෙනකුගේ ද ගැටී සිදු වූ රිය අනතුරකින් එම පුද්ගලයන් දෙදෙනා සහ රථය පැදවූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියා තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කර තිබේ.
අදාළ නිලධාරියා රථය අධික වේගයෙන් ධාවනය කර ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.
නාරම්මල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් දසනායක මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රරත්න මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය




















