BREAKING NEWS
Search

ව්‍යාපාරිකයන්ට දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ පණිවිඩය

146

දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් මුදල් එක් රැස් කරමින් සිටින බවට වාර්තා වී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් අයවිය යුතු බදු සඳහා වූ මුදල් මෙලෙස පුද්ගල කණ්ඩායමක් විසින් එක් රැස් කරන බවට පැමිණිලි ලැබී ඇති බවය.

බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදි දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන් වෙත ගොස් දේශීය අදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට උපදෙස් දෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ හැර වෙනත් කිසිදු අවස්ථාවක මුදල් හෝ චෙක්පත් එකතු කිරීමක් සිදු නොවන බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

මේ හේතුවෙන් වංචනික පුද්ගලයන් වෙත මුදල් ලබා නොදන ලෙස හා ඔවුන් නීතියේ රැහැනට හසු කර දෙන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

තවද දැනටමත් එවැනි වංචනිකයන්ට හසුවී ඇත්නම් අදාළ පොලිස් ස්ථාන වෙත පැමිණිලි කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් දැනුම් දී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *