BREAKING NEWS
Search

ආපහු අරයා කවුද මෙයා කවුද අහගෙන වැළලෙන්න හදන්න එපා – ජනප්‍රිය නිළි ලෝචනාගේ හිත සැරටම රිදිලාද ?

429

කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ.

ඉතින් ඇය පසුගිය කාල සීමාවේදීම කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා හිටියා.

ඒ වගේම තමයි ටික කාලයක් යයි නෙදර්ලන්තයේ පදිංචි වෙලාත් හිටියා.

හේතුව ඇයගේ ආදරණීය සැමියා සහ පුතා එහි ජීවත් වෙන නිසා.

කෙසේ නමුත් සැමියා සහ පුතා නෙදර්ලන්තයේ ජීවත් වෙද්දී ඇය ලංකාවට ඇවිල්ලා ඇයගේ කලා කටයුතු කරගෙන යනවා.

ඒ වගේම ඇගේ පුතත් ඇයව බලන්න නිතරම ලංකාවට එනවා.

ඈ සිය ආදරණීය පුත්‍රයා එක්ක ගෙවන සොඳුරු අවස්ථා සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නවා.

ලෝචිගේ යහළුවන් අතර කෙනෙක් තමයි රූපලාවන්‍ය ශිල්පි සුරංග ආකාෂ්.

ඉතින් ලෝචි, ඔහු එක්ක ගන්නා ඡායාරූපවලට වගේම ඔහු එක්ක ඇති මිතුරුකම වපර ඇහින් දකින කාටත් පුංචි කතාවක් කියලා තිබුණා. ඒ, ඡායාරූප එකතුවක් එක්කම…

”ජීවිතේ හැමදේම හැමෝ එක්කම බෙදාගන්න බැහැ.

මගේ ජීවිතෙත් එහෙම හරිම අතලොස්සක් ඉන්නව දුක,සතුට,ප්‍රශ්න බෙදාගන්න පුලුවන් අය.

Suranga Akash ඔයත් මට එහෙම කෙනෙක්.

බැදපු දරුවෙක් ඉන්න ගැහැණු කෙනෙක් සහෝදරයෙක්,යහලුවෙක් ඇසුරු කරන්න බැහැ කියල හිතන මෝඩ මිනිසුන් ඉන්න රටක ඉපදුන පවට අපි දාන photos වලට කැත කතා අහන්න මට සිද්දවෙලා.

ඔයා අම්ම කෙනෙක්ද? ඔයා බිරිදක්ද?

ඔයා ඔයාගේ වගකීම් ඉශ්ඨ කරන කෙනෙක්නන් ලස්සනට ඉන්න,සතුටින් ඉන්න,යාලුවෝ ඇසුරු කරන්න.

ඔයාට වෙලාව දෙන්න. හැම වෙලාවෙම ඔයාව සතුටින් තියන්න එවිට ඔයා වටා ඉන්න හැමෝම සතුටින් ලස්සමට ජීවත් කරන්න ඔයාට පුලුවන් වෙයි.

දැන් ඔන්න ආපහු අරය කවුද මෙයා කවුද අහගෙන comments,inbox වැලලෙන්න හදන්න එපා හොදේ ”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *