බංලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එරෙහිව ඝාතන චෝදනාවක් ගොනු කර තිබෙනවා.
ඒ, එරට ආණ්ඩු විරෝධී විරෝධතාවලට සහභාගී වී මිය ගිය රුබෙල් නමැති පුද්ගලයාගේ පියා වන රෆියුල් ඉස්ලාම් විසින්.
පසුගිය බ්‍රහස්පතින්දා (22) ඩකාහි අඩබෝර් පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එහි දී හිටපු අගමැතිනි ශෙයික් හසීනා සහ හිටපු මාර්ග, ප්‍රවාහනය සහ පාලම් අමාත්‍ය ඔබයිදුල් ක්වාඩර් ඇතුළු 56 දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල සිදු කර ඇති බව සඳහන්.
රුබෙල් පසුගිය 05 වැනිදා ඇඩබෝර්හිRing Road ප්‍රදේශයේ දී පැවැති විරෝධතාවකට එක්වුණා.
එහි දී ආරක්ෂක අංශය විසින් සිදු කළ වෙඩි තැබීමකින් ඔහු මිය අතර පපුවට සහ උදරයට වෙඩි පහරවල් වැදි තිබූ බව සඳහන්.
ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසන් මෙම නඩුවේ 28 වන චූදිතයා වනවා.

















