BREAKING NEWS
Search

ලෝකයම සලිත කල ඉන්දියාවේ වෛද්‍යවරිය ඝාතනය කළ අපරාධකරු සියල්ල වමාරයි – ඒ පිළිබද කිසි පසුතැවීමක් නෑලු

2492
කොල්කටා රෝහලේ සීමාවාසික වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිදුවීමට අදාළ සැකකරු මේ වනවිට අත්අඩංගුවේ පසුවෙනවා.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රථවාහන පොලිස් ස්වේච්ඡා සේවකයෙකු වන සංජේ රෝයි නම් පුද්ගලයෙක්.

එම පුද්ගලයාගේ මනෝ විශ්ලේෂණාත්මක පැතිකඩෙන් සිදු කළ නිරීක්ෂණවල දී සුවිශේෂී කාරණයක් අනාවරණය වී තිබෙනවා.

එහි සඳහන් වෙන්නේ ඔහු දැඩි ලෙස කාමුක දර්ශන නැරඹීමට ඇබ්බැහි වූ අයෙකු බවයි.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී රෝහල තුළ සිදු කළ බිහිසුණු අපරාධය සම්බන්ධයෙන් ඔහු කිසිදු පසුතැවිල්ලක් නොදැක්වන බවයි විදෙස් මාධ්‍ය පවසා සිටින්නේ.

අපරාධ විමර්ශන ආයතනය වෙත ඔහු කිසිදු පැකිලීමකින් තොරව ඝාතන‍ය පිළිබඳව පාපොච්ඡාරණය සිදුකර ඇති බවයි එම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනයේ තිබී අසභ්‍ය දර්ශන කිහිපයක්ද හමු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

පැරණි පුවත් :

ඉන්දියාවේ කොල්කටා නගරයේ පිහිටි වෛද්‍ය විද්‍යාල රෝහලක දී 31 හැවිරිදි පුහුණු වෛද්‍ය නිලධාරිනියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියකට විරෝධය පාමින් ඉන්දියාවේ වෛද්‍යවරුන් විසින් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රෝහල්වල හදිසි සේවා කටයුතු පවා අඩපණ වී ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ඉකුත් සිකුරාදා පැය 36ක අඛණ්ඩ සේවා කාලයකින් පසු කොල්කටා නගරයේ පිහිටි පැරණිතම වෛද්‍ය විද්‍යාල රෝහලක් වන ආර් ජී කාර් වෛද්‍ය විද්‍යාල රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවක ගිමන් නිවීම සඳහා නිදා සිටි 31 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක් දූෂණය කර මරා දමා තිබිය දී ඉකුත් සිකුරාදා (09දා) සොයා ගැනුණු අතර රෝහල් බලධාරීන් මුලින් පවසා තිබුණේ වෛද්‍යවරියගේ මරණය සියදිවිනසා ගැනීමක් බවයි.

 

එහෙත් ඇය සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී මිය ගිය වෛද්‍යවරිය ඝාතනයට ලක් වීමට පෙර දූෂණය වී ඇති බවත් ඇයගේ ශරීරයේ විවිධ කොටස්වලින් රුධිරය වහනය වී ඇති බව අනාවරණය වී තිබිණි.

මෙම දූෂණ සිදුවීම ගැන හා ඝාතනය සම්බන්ධයෙන් අදාළ රෝහලේ සිවිල් ස්වේච්ඡා සේවකයකු වන සන්ජේ රෝයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිදුවීමට රෝහලේ වෙනත් නිලධාරීන් සම්බන්ධ දැයි විමර්ශනය කෙරෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මිය ගිය පුහුණු වෛද්‍යවරියට සාධාරණයක් ඉටුකරන ලෙසත් රෝහල් තුළ ආරක්ෂිත වටාපිටාවක් නිර්මාණය කරන ලෙසත් ඉල්ලමින් ඉන්දියාවේ නේවාසික වෛද්‍යවරුන්ගේ සංවිධාන බලමණ්ඩලය විසින් දීපව්‍යාප්ත වෛද්‍ය වර්ජනය කැඳවා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *