BREAKING NEWS
Search

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

4447

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.

මේ අනුව, ආනයනික ග්‍රෑම් 425ක මාළු ටින් එකක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර, එහි නව මිල සටහන් වන්නේ රුපියල් 500ක් ලෙසයි.

එමෙන්ම, දේශීය ග්‍රෑම් 425 මාළු ටින් එකක මිලද රුපියල් 450ක් දක්වා සහ ග්‍රෑම් 155ක මාළු ටින් එකක මිල රුපියල් 270ක් දක්වා මිල අඩුකර තිබෙනවා.

තවද, මුං ඇට කිලෝවක මිල රුපියල් 890ක් දක්වාත්, ආනයනික රතු ළුෑණු කිලෝවක මිල රුපියල් 470ක් දක්වාත්, මිල පහත දැමීමටයි කටයුතු කර ඇත්තේ.

සුදු සීනි සහ වියළි මිරිස් කිලෝවක මිලද රුපියල් 5කින් මිල පහත දමා තිබෙනවා.

එමෙන්ම, හාල් මැස්සන් කිලෝවක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 925ක්.

දේශීය සම්බා කිලෝවක මිල රුපියල් 226ක් දක්වා සහ කඩල කිලෝවක මිල රුපියල් 439ක් දක්වාත් මිල පහත දැමීමටයි ලංකා සතොස ආයතනය පියවර ගෙන ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *