BREAKING NEWS
Search

තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් රනිල්ට

208

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත මහතා සහ අංගජන් රාමනාදන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර තිබේ.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වය නියෝජනය කළ මන්ත්‍රීවරයන් දෙදෙනෙකි.

සාරතී දුෂ්මන්ත මහතා පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණි.

ඒ ශ්‍රීලනිපයේ මහලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර මහතාට එම තනතුර අහිමිවීමත් සමගය.

සාරතී දුෂ්මන්ත කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන අතර අංගජන් රාමනාදන් මහතා යාපනය නියෝජනය කරයි.

කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී ඇති ඔවුන් දෙදෙනා සිය සහාය ලබාදෙන බව දැනුම්දී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *