සියලුම රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2025 ජනවාරි මස සිට ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.
ඒ අනුව පහළ ශ්‍රේණි සඳහා 24%කින්ද අනෙක් තනතුරු සඳහා 24% සිට 50% දක්වා මූලික වැටුප වැඩිවෙයි.
එම වැටුප් වැඩි කිරීමේදී සුදුසුකම්, පළපුරුද්ද සහ ඔහු වර්තමානයේ සිදුකරන කාර්යය සලකා බලන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
කෙහෙළිය ඇතුළු 4ක් තවදුරටත් රිමාන්ඩ්
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් එළැඹෙන 29 වනදා තෙක් අද (22) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ අනුව මේ වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුවන්නේ රිමාන්ඩ් භාරයේ ය.


















