රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
❌
ඔබ ලබාදුන් පිළිතුර වරදී. නැවත උත්සාහ කරන්න
ඔබට ලැබී ඇති මෙම තරග අංකය ෆේස්බුක් පිටුවේ ඇති POST එකේ COMMENT කර තහවුරු කරන්න
කොපි විය!
රියැදුරුගේ දක්ෂතාවයත් , ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවත් නිසා බොහෝ වෙලාවට අනතුරු වලක්වාගත් අවස්තා පිළිබඳ මීට ඉහත අවස්ථාවලදීත් අපි දැක තිබෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ මාරක අනතුරක් වලක්වාගත් තවත් අවස්ථාවක් පිළිබඳවයි..
බදුල්ල ලංගම ඩිපෝවේ බසයක් ස්ප්‍රීන්වැලි මාර්යේ ධාවනය වෙමින් තිබියදි පිටුපස රෝදයක් ගැලවී විසිවී යාමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් නූලෙන් වළක්වා ගැනීමට රියදුරා සමත්ව තිබෙනවා..
පොලීසිය පවසන පරිදි එම බසය අද ස්ප්‍රීන්වලි බැද්දේගම සිට බදුල්ල බලා මගීන් 75 දෙනෙකු සමග ධාවනය වෙමින් තිබියදි රොක්හිල් වීර්ය්‍යපුර ප්‍රදේශයේදි බසයේ පිටුපස වමේ ටයර් දෙකම ගැලවී විසිවී තිබෙනවා..
රියදුරාගේ දක්ෂතාවය නිසාම බසය මාර්ගය මැද නවතාගෙන සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිව ඇතැයි බදුල්ල ඩිපෝවේ නිලධාරියෙක් සඳහන් කළා..