BREAKING NEWS
Search

මගීන් 135 දෙනෙක් රැගත් යානයක් හදිස්සියේම ගොඩ බස්වා මගින් ඉවත් කරයි – පුර්ණ හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

385
මේ කියන්න යන්නේ තවත් එක් අනපේක්ෂිත අවස්ථාවක් ගැන ඇසෙන කතාවක්..

අද තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පූර්ණ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා..

ඒ මුම්බායි සිට පැමිණි එයාර් ඉන්දියා ගුවන් යානයකට බෝම්බ තර්ජනයක් එල්ලවීමත් සමඟයි..

එරට මාධ්‍ය වාර්තා කරන පරිදි අදාල අවස්තාවේ මගීන් 135 දෙනෙකු මෙම යානයේ ගමන්කර තිබෙනවා.. ඔවුන් සමඟ ගුවන් යානය පෙරවරු 8ට පමණ ආරක්ෂිතව ගුවන් තොටුපළට ගොඩ බස්වා ඇති අතර, 8.44 වනවිට සියලුම මගීන් ආරක්ෂිතව ගුවන් යානයෙන් ඉවත් කළ බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ…

ඉන්පසු ගුවන් යානය හුදකලා ප්‍රදේශයකට ගෙන ගිය බවයි සඳහන් වෙන්නේ..

පෙරවරු 7.30ට යානය තිරුවන්තපුරම් ගුවන් තොටුපළ වෙත ළඟා වනවිට මෙම බෝම්බ තර්ජනය පිළිබඳව නියමුවා විසින් දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තා කරනවා..

ඉන් අනතුරුව පෙරවරු 7.36ට ගුවන් තොටුපළේ පූර්ණ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව පැවසේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *