ඒ අනුව රොනාල්ඩෝට එවැනි කාලයක් තුළ පරිශීලකයින් මෙපමණ ප්‍රමාණයක් ළඟා වූ වේගවත්ම යූටියුබ් නාලිකාව ලෙස ලෝක වාර්තාව හිමිවනවා..
“UR.Cristiano” නම් මෙම නාලිකව නිකුත් කර ගතවූ පළමු මිනිත්තු 90 ඇතුළත මෙම කඩයිම් පසු කර ඇති අතර, මේවන විට එය ග්‍රාහකයින් මිලියන 10ක් ඉක්මවා තිබෙනවා..
මෙය එතෙක් මෙතෙක් ඉතිහාසයේ වේගයෙන්ම මිලියනයේ කඩයිම පසුකර යූටියුබ් නාලිකාවයි…
මීට පෙර සුප්‍රසිද්ධ Sidemen නම් බ්‍රිතාන්‍ය යූටියුබ් සමූහයක අනුබද්ධ නාලිකාවක් වන ‘Sidemen Reacts’ මෙම වාර්තාව තබා තිබුණා..























