නුවරඑළිය, ගෝනපිටිය, කීනගොල්ල වත්තේ වලදමා තිබූ කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා..
අදාළ කාන්තාව සිවලිංගම් දර්ශනි නැමති 36 හැවිරිදි, කාන්තාවක් බවට හඳුනාගෙන ඇති අතර ඇය අතුරුදන්ව ඇති බවට පසුගිය ජනවාරි 30 වෙනි දින ආගරපතන පොලිසියට පැමිණිල්ලක් ලැබි තිබෙනවා..
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වීඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම කාන්තාව දේව පූජාවකට බව පවසා මන්දාරම්නුවර ප්‍රදේශයට කැඳවාගෙන ගොස්, ඝාතනය කර වල දමා ඇති බවයි..



















