ඉන්දීය වෛද්‍යවරයකු වසර ගණනාවක් තිස්සේ ළමා හා කාන්තාවන්ගේ නිරුවත් වීඩියෝ දර්ශන දහස් ගණනක් පටිගත කළ බවට වූ චෝදනාවක් මත එක්සත් ජනපදයේ බන්ධනාගාරයක රඳවා සිටින බව ndtv පුවත් සේවය වාර්තා කරනවා.
ඒ අනුව 40 හැවිරිදි අදාළ වෛද්‍යවරයාට බහුවිධ ලිංගික අපරාධ සම්බන්ධයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2 ක බැඳුම්කරයක් ද පනවා ඇති බව සඳහන්.
මෙම වෛද්යාවරයාව අගෝස්තු 8 වැනිදා වෙනත් චෝදනාවකට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහුට නාන කාමර සහ රෝහල් කාමරවල සැඟවුණු කැමරා සවිකර ඇති බවට කරන ලද චෝදනාවක් මතයි.
එහි වැඩිදුර විමර්ශනවලදීයි, අදාළ වෛද්‍යවරයා සතුව අවුරුදු 2 සිට ළමයින්ගේත් වැඩිහිටි කාන්තාවන්ගේත් නිරුවත් දර්ශන සහ වීඩියෝ පට ඇති බවට අනාවරණය වී ඇත්තේ.
වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමේදී පරිගණක, දුරකථන සහ තවත් උපාංග 15ක් භාරයට ගත් බවත් සඳහන්. විදෙස් වාර්තාවන්ට අනුව ඒවායේ වීඩියෝ 13,000 ක් පමණ වන බවට අනාවරණයව ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත් මෙලෙස අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුට අපරාධ ඉතිහාසයක් නොතිබුණු බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
වෛද්‍යවරයා විසින් පටිගත කළේ යැයි පැවසෙන වීඩියෝ දර්ශනවල, ඔහු සිහිසුන්ව සිටි බොහෝ කාන්තාවන් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන අයුරු ද දැක්වෙන බව සඳහන්.
එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ ඕක්ලන්ඩ් හි නගරයක් වන රොචෙස්ටර් හිල්ස්වල ඔහුගේ නිවසේ තිබී සොයා ගත් ඉහත කී වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් විමර්ශනය කළ යුතු බැවින්, මෙහි සම්පූර්ණ විමර්ශන වාර්තාව ලබාදීමට දින කිහිපයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.


















