BREAKING NEWS
Search

මෝටර් රථයක පෙම්යුවලක් අශෝභන ලෙස හැසිරුනයි කියූ පොලිසියේ දෙන්නෙක්ට වු දේ…

104
කඩුවෙල පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරු දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව නුගේගොඩ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

ඒ මුල්ලේරියාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී පෙම්වතුන් යුවළක් බිය ගන්වා රුපියල් 10000 අල්ලස් ලබා ගැනීමට තැත් කිරීම හේතුවෙන්.

එම නිලධාරීන් දෙදෙනා ඉකුත් 14 වෙනිදින සවස 6 සිට පසු දින 6 දක්වා යතුරු පැදි සංචාරයේ යොදවා තිබෙන අතරතුර මෙම සිදුවීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.

උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේ, කඩුවෙල පොලිස් වසමෙන් බැහැරව මුල්ලේරියාව පොලිස් වසමේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ නවතා තිබූ මෝටර් රථයක් පරික්ෂාවට ලක්කර එහි රියදුරු අසුනේ සිටි තරුණයකු සහ ඊට යාබද අසුනේ සිටි තරුණියක අශෝබනව හැසිරෙන බවට 119 මධ්‍යස්ථානයෙන් පණිවිඩයක් ලැබී තිබෙන බවට ඔහුන් සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.

පසුව ඔවුන් දෙදෙනා බිය ගන්වා රුපියල් 10000ක මුදලක්ම අල්ලස් වශයෙන් ලබා ගැනීමට තැත් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද පොලිසිය පවසනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *