BREAKING NEWS
Search

වසර දෙකක විවාහ ජීවිතයට තිත තබමින් සුපිරි නිළියක් දික්කසාද වීමට තීරණය කරයි…

1753
හොලිවුඩ් සුපිරි තරුවක්වන ජෙනිෆර් ලෝපෙස් වසර දෙකක විවාහ ජීවිතයට තිත තබමින් සිය සැමියා වූ බෙන් ඇෆ්ලෙක්ගෙන් දික්කසාද වීමට තීරණය කර තිබෙනවා.

2022 ජුලි මාසයේදී ලාස් වේගාස්හිදී ඔවුන් විවාහ වූ අතර, ඊට පසු මාසයේ ජෝර්ජියාවේ විශාල විවාහ උත්සවයක් පවත්වා තිබුණා.

මාධ්‍ය වාර්තාවලට අනුව, ඔවුන්ගේ ආදරය 2003 දී ආරම්භ වී ඇති අතර, එම වසරේ ඔවුන් විවාහ වීමට සැලසුම් කර තිබූ නමුත් 2004 මුල් භාගයේදී ඔවුන්ගේ සම්බන්ධතාවය නවතා දමා තිබෙනවා.

එවකට ඔවුන්ව “බෙනිෆර්” ලෙස නම් කරන ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව, දශක දෙකකට පමණ පසුවයි ඔවුන් නැවතත් ඔවුන්ගේ සම්බන්ධතාවය ගොඩනගාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් විවාහයෙන් වසර දෙකකට පමණ පසු ඔවුන් මෙසේ දික්කසාද වීමට තීරණය කර ඇති බවයි මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *