BREAKING NEWS
Search

කාන්තාවක් සමග එක්ව අයිස් විකුණු කොස්තාපල්ට සිදු උන දේ

207

විදෙස් රටක සිටින කාන්තාවකට අයත් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ බව කියන නුවරඑළිය පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පවසයි

නුවරඑළිය පොලිසියේ තනිකඩ භට නිවාසයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2590 ක් අඩංගු පැකට් 13 ක් සන්තකයේ තබාගෙන සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑළිය පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.

විදේශ රටක සිටින කාන්තාව විසින් මෙම කොස්තාපල්වරයාට මත්ද්‍රව්‍ය පැකට් ලබාදෙන අතර මත්ද්‍රව්‍ය පැකට් 10 ක් අලෙවි කිරීමේදී එම කොස්තාපල්වරයා එක් පැකට්ටුවක් හෝ පැකට්ටුවක් සදහා වැය වන වියදම ලබාදෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

නුවරඑළිය පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

එම විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර ඇති බව නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිසි අධිකාරී කාර්යාලය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *