BREAKING NEWS
Search

කොලු කමට කල දේ නිසා අකාලයේ ජිවිතයෙන් සමුගත් ෂෙනාල් – හෙල්මට් නැතුව ගිහිං ටිපර් රථයට යට වූ තරුණයා

443

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

තරුණ වයසට කරන කියන සමහර දේවල් නිසා ජීවිතේට වෙන්න පුළුවන් හානිය වැඩියි කියන එක ඔහුටත් හිතෙන්න නැතුව ඇති..

මේ කතාව ඇසෙන්නේ, ජාඇල ප්‍රදේශයෙන්..

ජා ඇල වැලිගම්පිටිය මංසන්ධියේදී පොලිස් අණ නොතකා පලා යමින් සිටි යතුරු පැදියක් කොළඹ සිට ජාඇල බලා යමින් සිටි ටිපර් රථයක ගැටි යතුරු පැදිකරු බරපතල තුවාල සහිතව එම ස්ථානයේදීම මියගොස් ඇති බව කදාන පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වැලිගම්පිටිය ජාඇල යන ලිපිනයේ පදිංචි ජයසුරිය කුරණගේ ෂෙනාල් රෙනෝල් පෙරේරා නැමති 18 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය සදහන් කරයි.

අනතුර සිදුවන අවස්තාවේ යතුරු පැදියේ ආරක්ෂිත හිස්වැසුම් පවා නෙමැතිව තිදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර යතුරු පැදියේ පසුපස අංක තහඩුවද නොතිබුන බව පොලිසිය පවසයි.

පොලිස් නිලධාරියාගේද උපදෙස් නොතකා යතුරු පැදිය කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයට අපිරික්ෂාකාරි ලෙස දැමීමෙන් කොළඹ සිට ජාඇල බලා ධාවනය වෙමින් සිටි ටිපර් රථයක ගැටී මෙම අනතුරු සිදුවී ඇති බවය.

අනතුර සිදුවීමෙන් අනතුරුව එම ස්ථානයේ කලහාකාරි තත්ත්වයක්ද ඇති විය.අනතුරින් මියගොස් ඇති තරුණයාගේ සොහොයුරකු බව කියන පුද්ගලයෙකු ඇතුලු පිරිසක් මෙම සිදුවීම ඇතිවුයේ පොලිස් නිලධාරියා යතුරු පැදිය නැවත්වීම සදහා යතුරු පැදියට පාපහරක් එල්ල කිරීම නිසා යතුරු පැදිකරුගේ පාලනයෙන් මිදුන යතුරු පැදිය ටිපර් රථයේ ගැටී මෙම අනතුරු සිදු බවට චෝදනා කරමින් ඔවුන් ප්‍රකෝපකාරි ලෙස  හැසුරුන අයුරු දක්නට ලැබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *