BREAKING NEWS
Search

බිරිදට රිදවූ සුපිරි නළුවා අත්අඩංගුවට

280
රසිකයින් බොහෝ දෙනෙක් ආදරය කළ ඔහු එකළ රංගනයේ කාගේත් මතකයේ රැඳි චරිතයක්..

ඒ විතර නෙවෙයි, අදටත් නම කියූ සැනින් ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් ඔහු වටා සිටිනවා.. ඒත් මේ ඔහු ගැන ඇසෙන කනගාටුදායක පුවතක්..

සුපිරි නළු මයිකල් මැඩ්සන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා..

ඒ ගෘහස්ථ හිංසන චෝදනාව යටතේයි..

ඔහු සහ ඔහුගේ බිරිඳ වූ ඩීඇනා මෝගන් සහ මැඩ්සන් අතර ඇති වූ මතභේදයකින් පසුවයි ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ..

Malibu Sheriff’s Station හි බලධාරින්ට අනුව 66 හැවිරිදි මයිකල් මැඩ්සන් එක්සත් ජනපද නීතියේ 243 (e)(1) දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගෘහස්ථ වධ හිංසනය යටතේයි අත්අඩංගුවට පත් වූයේ..

මයිකල් මැඩ්සන් 1996 දී ජැමෙයිකාවේ ඔචෝ රියෝස්හිදී ඩීඇනා මෝගන් සමඟ විවාහා වී ඇති අතර ඔහු ලූක්, කල්වින් සහ හඩ්සන් යන පුතුන් තිදෙනෙකුගේ පියෙක්..

හඩ්සන් 2022 ජනවාරි මාසයේදී සියදිවි නසාගෙන ජීවිතක්ෂයට පත්වුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *